සෞදි සෙබළුන්ට චෝදනා



යේමනයේ රැඳී සිටින සෞදි හමුදා සොල්දාදුවන්, යේමන කාන්තාවන්ට අතවර කරන බවටත්, ජාත්‍යන්තරයෙන් යේමන සිවිල් වැසියන්ට ලබා දෙන මානුෂීය ආධාර විනාශ කරව බවටත් යේමනයේ හවුති නසරැල්ලා සංවිධානය කියයි.

හවුති නසරැල්ලා යනු යේමනයේ බලය අල්ලා ගැනීමට උත්සාහ දරමින් සිටින දේශපාලන කණ්ඩායමකි. යේමනයේ ප්‍රචණ්ඩ ක්‍රියා සිදුකරමින් සෞදි හමුදා සමඟ ගැටෙන්නේ මෙම දේශපාලන කණ්ඩයමට අයත් හවුති සටන්කාමීන්ය. හවුති යනු ෂියා මුස්ලිම් සංවිධානයකි.

හවුති සටන්කාමීන් විසින් පෙරළා දැමූ යේමන රජය සහ අගමැති මන්සූර් හාදි, සෞදි හිතවාදියෙකි. යේමන සිවිල් යුද්ධයට සෞදිය මැදිහත් වී සිටින්නේ ඒ අනුවය.

සෞදියට සහාය දක්වමින් ලොව මුස්ලිම් රටවල් කිහිපයක් ඔවුන්ගේ හමුදා යේමනයට යවා ඇති අතර, එම හමුදා පවසන්නේ තමන් ත්‍රස්තවාදීන් සමඟ සටන් වදින බවය.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS