සෞදි සූරා සභාව නොසතුටින්



සෞදි අධ්‍යාපන ඇගයිම් කොමිෂන් සභාවේ අකාර්යක්ෂමතාවය පිළිබඳව සෞදි සූරා සභාවේ සාමාජිකයන් කනස්සල්ලෙන් සිටින බව වාර්තා වේ. 

වෛද්‍ය වෘත්තිය වැනි වෘත්තීන් කීපයක ප්‍රමිතය ආරක්ෂා කරගැනීම සඳහා අධ්‍යාපන ඇගයිම් කොමිසම ලබා දී ඇති සම්මතයන් පිළිගත හැකි මට්ටමේ ඒවා නොවන බව සූරා සභාවේ සාමාජික, අහමඩ් අල්-අස්වාඩ් ප්‍රකාශ කළේය.

අධ්‍යාපන ඇගයිම් කොමිෂන් සභාවනිසි ක්‍රමවේදයක් යටතේ ඇගයීම් සිදු නොකරන බව සූරා සභාවේ තවත් සාමාජිකයෙක් වන මේජර් ජෙනරාල්, අබ්දුල් හාඩි අල්-අම්රි ප්‍රකාශ කළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(සෞදිගැසට්)


RECOMMEND POSTS