සෞදි සිසුහු 10 ක් ආපසු



සෞදි සිසුන් දහදෙනෙක් චීනයේ වුහන් නගරයේ සිට දැඩි ආරක්ෂාව යටතේ සෞදි අරාබියට පැමිණ ඇත.

පෞද්ගලික ගුවන්යානයකින් පැමිණි සෞදි සිසුන්ගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් බව විදේශ කටයුතු අමාත්‍ය, ෆයිසාල් බින් ෆර්හාන් අල්-සවුඩ් ප්‍රකාශ කළේ ය.

වුහාන් නගරයේ රැදීසිටින සෞදි සිසුන් සෞදි අරාබියට රැගෙන එන ලෙස සෞදි ඔටුන්න හිමි කුමරු, නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ ආරක්ෂක අමාත්‍ය, මොහොමඩ් බින් සල්මාන් බින් අබ්දුලාසීස් අල්- සවුඩ් නියෝග කර ඇත.

ගුවන්යානය ගුවන්තොටුපොලටගොඩබැස්සවීමෙන් පසු වෛද්‍ය කණ්ඩායමක්  ගුවන්යානය තුලට ගොස් සිසුන්ගේ සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කරඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, රියාද් නුවර)

RECOMMEND POSTS