සෞදි සල්මාන් රජුගෙන් කටාර් එමීර්ට ඇරැයුමක්



ගල්ෆ් සහයෝගීතා සමුළුවට සහභාගී වෙන්නැයි ඇරැයුම් කරමින් කටාර් එමීර්වරයාට සෞදියේ සල්මාන් රජුගෙන් ආරාධනාවක් ලැබී ඇතැයි විදෙස් පුවත් සේවා වාර්තා කරයි.

විදෙස් පුවත් සේවා මෙසේ වාර්තා කළේ කටාර් විදේශ කටයුතු අමත්‍යාංශය උපුටා දක්වමිනි. ගල්ෆ් සහයෝගීතා සමුළුව ලබන 30 වැනිදා සෞදියේ රියාද්හිදී පැවැත්වීමට නියමිතය.

සෞදියේ සල්මාන් රජු, කටාර් එමීර් ෂෙයික් තමීම් බින් හමාද් අල් තානීට ගල්ෆ් සහයෝගීතා සමුළුවට පැමිණෙන ලෙස ආරාධනාවක් යවා ඇත්තේ කටාර් රාජ්‍යය සහ සෞදිය අතර එදිරිවාදිකම් පවතිද්දීය.

සෞදිය ඔවුන්ට හිතවත් එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය, බහරේනය සහ ඊජිප්තුව හවුල් කර ගනිමින්, කටාර් රාජ්‍යය හුදෙකලා කිරීමට පියවර ගෙන තිබේ. ඒ, සම්බාධක ද පනවමිනි. සෞදිය මෙසේ කටාර් රාජ්‍යය හුදෙකලා කර ඇත්තේ කටාර් රාජ්‍යය ත්‍රස්තවාදයට උඩගෙඩි දෙන බවටත්, අන්තවාදයට අනුග්‍රහාය දක්වන බවටත් චෝදනා කරමිනි.

රියාද්හිදීය (රොයිටර්ස්)


RECOMMEND POSTS