සෞදි සමුළුවේදී සාම ගිවිසුමක්



සෞදි අරාබියේ ජෙඩා නුවර කේන්ද්‍රකොට ගනිමින් පැවැත්වූ සමුළුවේදී ඉතියෝපියාව සහ එරිති‍්‍රයාව අතර සාම ගිවිසුමකට අත්සන් තැබුණි.

සාම ගිවිසුම සකස් කෙරුණේත් දෙපාර්ශ්වය ඊට අත්සන් තැබුවේත් සෞදියේ මැදිහත් වීමෙනි. සෞදිය සාම වැඩසටහන සම්බන්ධයෙන් මැදිහත්කරු ලෙස කි‍්‍රයා කළේය.

ඉතියෝපියාව සහ එරිත‍්‍රියාව යනු අපි‍්‍රකානු රටවල් වන අතර වසර ගණනාවක පටන් මොවුන් එදිරිවාදීන් ලෙස කටයුතු කළේය.

ඉතියෝපියා අගමැති අබියේ අහ්මද් සහ එරිත‍්‍රියා ජනාධිපති ඉසායියාස් අෆ්වෙරිකී ජෙඩා නුවරදී සාම ගිවිසුමට අත්සන් කළේ සෞදියේ සල්මාන් රජු ඉදිරියේය.

(අල් ජසීරා)

 


RECOMMEND POSTS