සෞදි රජු රාමසාන් දිනයට සුභ පතයි



රාමසාන් දිනය උදා වීම වෙනුවෙන් සෞදි රජු සිය සුභ පැතුම්  ඉස්ලාම් බැතිමතුන්ට එක් කර ඇති බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කළේය.

සිය සුභ පැතුම් ටුවිටර් සමාජ ජාල ගිණූම හරහා අරාබි සහ ඉංග්‍රීසි භාෂාවෙන්  එක් කර ඇති අතර එම පණිවිඩය මඟින් සියළු උපද්‍රව වලින් සෞදි ජනතාවත්, සියළුම මුස්ලිම්වරු සහ මුළු මහත් ලෝකයත් ආරක්ෂා කර දෙන මෙන් අල්ලාහ් දෙවියන් වහනසේගෙන් ඉල්ලා ඇත.

 

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)

 


RECOMMEND POSTS