සෞදි රජු මුස්ලිම් ලෝකයට සුබ පතයි



රාමසාන් ශුද්ධ මාසය අවසන්වී Eid al-Fitr උත්සවය උදාවීම වෙනුවෙන් සෞදි රජු සෞදි ජනතාවටත් සහ මුස්ලිම් ලෝකයටත් සුභ පැතුම් එක් කළ බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කළේය.

Eid al-Fitr උත්සවය උදා වීම වෙනුවෙන් සුභ පැතුම් එක්කල සෞදි රජු රජුගේ කතාව ඉදිරිපත් කරන ලද්දේ තොරතුරු සහ සංස්කෘතික අමාත්‍යවරයා වන ආචාර්ය, අවාද් බින්සා ලේ අල්-අවාද් විසින්ය.

ලෝකයම ත්‍රස්තවාදයෙන් පීඩා විදින බවත් ලෝකයේ ආරක්ෂාව සහ ස්ථාවරත්වය පවත්වා ගෙන යෑම සඳහා තමන් දැඩි අවධානයක් යොමු කර ඇති බව සෞදි රජු සඳහන් කර ඇත. 

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි) 


RECOMMEND POSTS