සෞදි යානාවලට කටාරයෙන් බාධා



කටාර් හජ් වන්දනාකරුවන් මක්කම බලා රැගෙන යෑමේ අරමුණින් කටාර්යේ දෝහා නුවර බලා පැමිණි තම ගුවන් යානාවලට දෝහා ජාත්‍යන්තර ගුවන්තොටුපොළට ගොඩබෑමට කටාර් බලධාරීන් ඉඩ නොදුන්නැයි සෞදිය චෝදනා කරයි.

සෞදිය කරන මෙම චෝදනා කටාරය තරයේ ප්‍රතික්ෂේප කරයි. කෙසේ නමුත් නිසි ලියකියවිලි නොමැති සෞදි ගුවන් යානා කිහිපයකට දෝහා බලා පැමිණීමට තමන් ඉඩ නොදුන් බව ද කටාරය පවසා ඇත.

සෞදි බලධාරීන් පවසා ඇත්තේ ගුවන් යානා සඳහා අදාල ලියකියවිලි සියල්ල නිසි වේලාවට කටාර් බලධාරීන් වෙත ලබා දුන් බවය.

සෞදිය කටාරය සමඟ ඇයි හොඳයිකම් නවතා දැම්මේ ගුවන් ගමන් ද තහනම් කරමිණි. කෙසේ නමුත් කටාර් හජ් වන්දනාකරුවන්ට සෞදියේ මක්කම බලා පැමිණෙන්න සෞදි රජු තීරණය කළ අවස්ථාවේදී, එම වන්දනාකරුවන් වෙනුවෙන් විශේෂ ගුවන් යැවීමට පවා සෞදිය පියවර ගත්තේය. කටාර් බලධාරීන් එරටට ගොඩබෑමට ඉඩ දී නැතැයි පැවැසෙන්නේ එසේ පැමිණි ගුවන් යානාවලට යැයි ද පැවැසෙයි.

(ප්‍රෙස් ටීවී)


RECOMMEND POSTS