සෞදි යන පකිස්ථාන ජාතිකයන්ගේ වීසා ගාස්තු අඩු වෙයි



සෞදි අරාබියේ සංචාරය කරන පකිස්ථාන ජාතිකයන්ගේ වීසා ගාස්තු සෞදි රජය අඩු කරයි.

තනි ප්‍රවේශ වීසා ගාස්තුව සෞදි රියාල් 2,000 (ඇ:ඩො533) සිට රියාල් 338 (ඇ:ඩො 90) දක්වාත්, බහු ප්‍රවේශ වීසා ගාස්තුව සෞදි රියාල් 3,000 (ඇ:ඩො 800) සිට රියාල් 675 (ඇ:ඩො 180) දක්වා අඩු කිරීමට කටයුතු කර ඇත.

විසා ගාස්තු අඩුකිරීමත් සමඟ සෞදි අරාබියේ සේවය කරන පකිස්ථාන ජාතිකයන්ගේ ඥාතීන්ට අඩු මුදලකින් සෞදි අරාබියේ සංචාරය කිරීමට අවස්ථාව හිමි වේ.

සෞදි ඔටුන්න හිමි කුමරු, නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ ආරක්ෂක අමාත්‍ය, මොහොමඩ් බින් සල්මාන් බින් අබ්දුල්ලාසිස් අල්-සවුඩ්ගේ පකිස්ථාන සංචරය අතරතුරු විසා ගාස්තු අඩු කිරීමට කටයුතු කිරීම විශේෂත්වයකි.

සෞදි කුමරුගේ සංචාරය අතරතුර විවිධ ක්ෂේත්‍රවලට අදාලව ගිවිසුම් සහ අවබෝධතා ගිවිසුම් ගණනාවක් අත්සන් කිරීමට නියමිතව ඇති අතර ආයෝජන, මුදල්, බලශක්ති, අභ්‍යන්තර ආරක්ෂාව, පුනර්ජනනීය බලශක්තිය, මාධ්‍ය, ක්‍රීඩා සහ සංස්කෘතික යන ක්ෂේත්‍ර ප්‍රධාන තැනක් ගනියි. 

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්, රියාද් නුවර)


RECOMMEND POSTS