සෞදි බලශක්ති ඇමති අබුඩාබියේ



ලෝක බලශක්ති සමුළුවට සහභාගි වීම සඳහා සෞදි බලශක්ති අමාත්‍ය, අබ්දුල්ලාසිස් බින් සල්මාන් බින් අබ්දුල්ලාසිස් අල්-සවුද් අබුඩාබි නුවරට ගොස් ඇත.

සෞදි බලශක්ති අමාත්‍යවරයා අබුඩාබි ඔටුන්න හිමි කුමරු සහ නියෝජ්‍ය ආරක්ෂක ප්‍රධානි, ෂයික් මොහොමඩ් බින් සෙයිඩ් අල්-නහියන් අබුඩාබි නුවරදී මුණගැසී සාකච්ඡා කර ඇත.

එක්සත් අරාබි එමීරේට්ස් රාජ්‍යය සහ සෞදි අරාබිය අතර ශක්තිමත් සබඳතාවයන් වර්ධනය කර ගන්නා ආකාරය සහ කලාපීය මෙන්ම ජාත්‍යන්තර කරුණු ගණනාවක් පිළිබඳව නායකයන් දෙදෙනා සාකච්ඡා කර ඇත. .

ගෝලීය බලශක්ති ක්ෂේත්‍රය දියුණු කිරීමට සහ අනාගතයේ ඇති විය හැකි අභියෝගවලට මුහුණ දෙන ආකාර පිළිබඳව සාකච්ඡා කිරීමට ලෝක බලශක්ති සමුළුවෙන් ලැබෙන පිටිවහල සහ වැදගත්කම පිළිබඳව අබුඩාබි ඔටුන්න හිමි කුමරු සෞදි බලශක්ති අමාත්‍යවරයාට අවධාරණයෙන් ප්‍රකාශ කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, අබුඩාබි නුවර)

RECOMMEND POSTS