සෞදි පොදු සමා කාලය යටතේ නීත්‍යානුකූලව පිටවෙන විදේශිකයින්ට නැවත ඒමට වරම්



මාර්තු 29 දින සිට අනවසරයෙන් සෞදි අරාබියේ රැදී සිටින විදේශිකයින් හට ලබාදී ඇති පොදු සමා කාලය ප්‍රයෝජනයට ගනිමින් සෞදි ආගමන නීති,කම්කරු,සහ දේශසීමා නීති අනුව මෙරටින් පිටවන විදෙස් පුරවැසියන් හට නිත්‍යානුකුලව නැවත මෙරටට පැමිණීම සදහා බාධාවක් නැතිබව “අනවසරිකයින්ගෙන් තොර ජාතියක්” වැඩසටහන විවෘත කිරීමේ උත්සවයේදී සෞදි නියෝජ්‍ය අග්‍රාමාත්‍ය තම අමාත්‍යංශ කාර්යාලයේදී පැවසු බව සෞදි ප්‍රෙස් ඒජන්සි පසුගිය දා පවසා තිබිණ.

සෞදි අරාබියේ සලමාන් රජතුමාගේ උපදෙස් අනුව ක්‍රියාත්මක මෙම දින 90 ක පොදුසමා කාලයෙහි ප්‍රධාන අරමුණ ලෙස හදුන්වා ඇත්තේ විශේෂයෙන්ම අනවසරිකව සෞදි අරාබියේ රැදී සිටින විදේශිකයින් ගේ නිත්‍යානුකුල භාවය ස්ථාපනය කිරීම සහ අනවසරික විදේශිකයින් දඩ මුදලකින් සහ දඩුවමකින් තොරව  මෙරටින් පිටමන් කර අවශ්‍ය නම් නැවත නිත්‍යානුකුලව මෙරටට පැමිණීමට සහාය වීම බවද සදහන් කරයි.

තවදුරටත් සෞදි ප්‍රෙස් ඒජන්සි සදහන් කරනුයේ NATION FREE OF VIOLATION සාකච්චාවට බදුන්වූ කරුණු අනුව නිත්‍යානු කුලව නොවන සියලුම පුරවැසියන් මෙම කාලසීමාවේදී තම ඇගිලි සලකුණු ලබා දී පිටවිය  යුතු බවත් ඒ අනුව එම පුරවැසියා හට නිත්‍යානුකුලව නැවත මෙරටට පැමිණීමට අවස්තාව ඇති බවත් සදහන් කරයි.

මෙම වැඩසටහන  තම නිත්‍යානුකුල නවාතැන් බලපත,වලංගු ලියකියවිලි,අනිකුත් තාවකාලික නොමැතිව හෝ උම්රා වන්දනාවේ පැමිණ,වෙනත් රටකට යාමට මෙහි රැදී සිට විසා කාලය ඉක්මවා සිටින සියලුම අනවසරිකයින් හට බලපාන අතර උම්රා,හජ්ජි,සංචාරක,සහ වෙනත් රටකට යාම සදහා මෙහි පැමිණ විසා කාලය ඉක්මවූ අය සදහා පමණක් කිසිදු රාජ්‍ය ආයතනයකට නොගොස් කෙලින්ම ඕනෑම ගුවන්තොටුපොලකින්,වරායකින් හෝ දේශසීමා මාර්ගයකින් පිටව යා හැකි බවද සදහන් කරයි,

මෙම පොදුසමා කාලය පිලිබදව සෞදි අරාබියේ පිහිටි  සියලුම රටවල තානාපති කාර්යාල වෙත නිල වශයෙන් දැනුම් දුන් බවත් සෞදි රාජ්‍ය ආයතන 19 ක සහාය ආරක්ෂක අංශ  සදහා ලබා ගන්නා බවත් සෞදි රජය තීරණය කර ඇති බවත් වැඩි දුරටත් සෞදි මාධ්‍ය සදහන් කරයි.  මෙවැනිම පොදුසමා කාලයක් 2013 අප්‍රේල් සිට නොවැම්බර් මාසය දක්වා  සෞදි රජය විසින් ලබා දුන් අතර ඒ අනුව නිත්‍යානුකුල නොවනමෙහි රැදී සිටි  අනවසරිකයින් විසිපන් ලක්ෂයක් පමණ තම මවුබිම් බලා පිටව ගිය අතර ශ්‍රී ලාංකිකයින් විසි දෙදහසකට නො අඩු පිරිසක් පොදු සමාකාලය ප්‍රයෝජනයට ගනිමින් මවුබිම බලා පිටත්ව ගියහ, කෙසේ වුවද එම කාලය තුල මෙරටින් පිටමන් කල කිසිවෙකුටත් නැවත සෞදි අරාබියට පැමිණීමට අවසර නුදුන් නමුත් මෙවර එම තීරණය අහෝසි කරමින් පිටව යන්නන් සදහා නැවත පැමිණීමට අවසර ලබාදීම විශේෂත්වයකි.

ලලිත් ප්‍රේමලාල්


RECOMMEND POSTS