සෞදි පුරවැසියන්ට ඉලෙක්ට්‍රෝනික් චිපයක්



සෞදි පුරවැසියන්ට ඉලෙක්ට්‍රෝනික් චිපයක් ලබාදීමට සෞදි රජය කටයුතු කරන බව වාර්තා වේ.

සෞදි පුරවැසියන්ගේ  සියළුම තොරතුරු ඉලෙක්ට්‍රෝනික් චිපය තුළට ඇතුළත් කිරීමට කටයුතු කරන බවත්, එම තොරතුරු විදේශ ගමන් බලපත්‍රය සමඟ සම්බන්ධ කරන බවත්, තානාපති කාර්යාලවලට පැමිණීමේ අවශ්‍යතාවයක් නොමැති බව අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළේ ය.

සෞදි අරාබියේ සියළුම සේවාවන් ඩිජිටල්කරණය කිරීමට කටයුතු කරන අතර, ඩිජිටල්කරණය තුලින් ජනතාවට වඩාත් ඵලදායි සේවවන් ලබාදීම මෙහි ප්‍රධාන අරමුණ වේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, රියාද් නුවර)


RECOMMEND POSTS