සෞදි ප්‍රහාරවලින් යේමන සිවිල් වැසියෝ 11,403 ක් මැරිලා



පසුගිය වසරේ සිට සෞදි ගුවන් හමුදාව යේමනයට එල්ල කරන ප්‍රහාරවලින් මේ වනවිට සිවිල් වැසියෝ 11,403 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.
සෞදි ගුවන් හමුදාව පහර දෙන්නේ යේමනයේ රජය පෙරළා දැමූ හවුති ෂියා සටන්කාමීන්ට සහ ඔවුන්ට සහාය දක්වන යේමන හමුදා සෙබළුන්ටය.
අද (14) උදෑසන යේමනයේ ඉබ් පළාතේ යරීම් දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයකට සෞදි ගුවන් හමුදාව බෝම්බ හෙළීය. හම බෝම්බ ප්‍රහාරවලින් ද සිවිල් වැසියෝ 9 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය පවසා ඇත්තේ සෞදිය දිගින් දිගට එල්ල කරන මෙම ගුවන් ප්‍රහාර සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් පැවැත්විය යුතු බවය.


RECOMMEND POSTS