සෞදි ප්‍රහාරක යානයක් කඩා වැටේ



යේමනයේ හවුති කැරැලිකරුයන් ඉලක්ක කර ගනිමින් පහර දෙන සෞදි ගුවන් හමුදාවට අයත් ප්‍රහාරක ජෙට් යානයක් යේමනයේ උතුරු දෙසින් පිහිටි අල් ජෝෆ් පළාතට කඩා වැටුණි.

සෞදි ගුවන් හමුදාව නිවේදනය කළ ආකාරයට කඩා වැටී ඇත්තේ සෞදියේ ටෝනාඩෝ වර්ගයේ ප්‍රහාරක යානයකි. යේමනයේ හවුති කැරැලිකරුවන් පවසා ඇත්තේ ජෙට් යානය තම ප්‍රහාරයක් හේතුවෙන් කඩා වැටුණු බවය.

ඊයේ (15) සෞදි ගුවන් හමුදාව, අල් ජෝෆ් පළාතේ යේමන කැරැලිකරුවන් ඉලක්ක කර ගනිමින් එල්ල කළ බෝම්බ ප්‍රහාරවලින් සිවිල් වැසියෝ 13 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය චෝදනා කර ඇත.

(රොයිටර්)


RECOMMEND POSTS