සෞදි ප්‍රහාර හෙලා දකිති



සෞදි ගුවන් හමුදාව යේමනයට එල්ල කරන ප්‍රහාරවලින් කුඩා දරුවන් ද ඇතුළු යේමන වැසියන් මියයෑමට විරෝධය පළ කරමින් යේමනයේ සාදා නුවර වැසියෝ දැවැන්ත විරෝධතා රැලියක් පැවැත්වූහ.

සාදා යනු සෞදි ගුවන් ප්‍රහාරවලින් නිරන්තරයෙන් බැට කන නගරයකි. සෞදිය පවසන්නේ තමන් ප්‍රහාර එල්ල කරන්නේ හවුති ෂියා මුස්ලිම් කැරැලිකරුවන් ඉලක්ක කර ගනිමින් කියාය.

පසුගිය දා සෞදිය එල්ල කළ ගුවන් ප්‍රහාරවලින් යේමන සිවිල් වැසියෝ 51 ක් ජීවිතක්ෂයට පත් වූහ. ඔවුන්ගෙන් වැඩි දෙනා කුඩා දරුවන් බව පැවැසෙයි.

සෞදි ගුවන් ප්‍රහාරවලින් යේමන සිවිල් වැසියන් මියයෑම සම්බන්ධයෙන් ඇමෙරිකාව පවා කනස්සල්ල පළ කර ඇති බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි.

(ප්‍රෙස් ටීවී)


RECOMMEND POSTS