සෞදි-ප්‍රංශ සහයෝගිතාවයක්



සෞදි අරාබිය සහ ප්‍රංශය අතර යුද සහයෝගිතාවය ඇති කරගැනීමේ අරමුණින් ප්‍රංශ හමුදා අමාත්‍ය, ෆ්ලොරන්ස් පාලිසෞදි අරාබියට පැමිණි බව සෞදි ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කළේය.

සෞදි රජු, සලමන් අබ්දුල්ලාසිස අල්-සවුඩ් ප්‍රංශය හමුදා අමාත්‍යවරිය අල්-සලම් මාලිගයේදි පිළිගැනීමෙන් අනතුරුව දෙරටේ යුද සහයෝගිතාවය වර්ධනය කර ගන්නා ආකාරය සහ මැදිපෙරදිග කලාපයේ දැනට පවතින ආරක්ෂක තත්ත්වය පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇත.

ප්‍රංශ අමාත්‍යවරිය අතර පැවති සංකච්ඡාවට අමාත්‍යවරුන් දෙදෙනෙක් සහ ඉහළ පෙළේ නිළධාරීන් කීපදෙනෙක් සහභාගි වු බව වාර්තා වේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS