සෞදි තානාපති රාජකාරි අරඹයි



බහරේන් රාජ්‍යයේ සෞදි තානාපතිවරයා ලෙස පත් කළ සුල්තාන් බින් අහමඩ් බින් අබ්දුල්ලාසිස් රාජකාරි කටයුතු ආරම්භ කර ඇති බව වාර්තා වේ.

බහරේන් අන්තර්ජාතික ගුවන්තොටුපොලේදි බහරේන් විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරී, අහමඩ් ඒබ්‍රාහිම් මොහොමඩ්, වැඩබලන බහරේන් සෞදි තානාපති, ඩෆර් බින් ඒබ්‍රාහිම් අල්-අසිරි සහනිලධාරීන් කීපදෙනෙක් තානාපතිවරයාව පිළිගෙන ඇත.  

බහරේන් රාජ්‍යය සහ සෞදි අරාබිය අතර රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතාවයන් ශක්තිමත් කිරීම සඳහා කටයුතු කරන බවට මාධ්‍යවේදීන් අමතමින් තනාපතිවරයා පවසා ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්, රියාද් නුවර)


RECOMMEND POSTS