සෞදි තරුණියට ආරක්ෂාවක්



තම පවුලේ අයගෙන් බේරී, ඕස්ට්‍රේලියාවට යෑමට තැත් කළ අවස්ථාවේදී, තායිලන්තයේ බැංකොක් නුවර ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ කොටුවී පසුව කැනඩාවේ ටොරොන්ටෝ නුවරට පැමිණි 18 හැවිරිදි සෞදි තරුණියට විශේෂ ආරක්ෂාවක් ලබා දෙන බව කැනඩා රජය කියයි.

රහාෆ් මොහොමද් නමැති එම සෞදි තරුණිය කැනඩාව බලා පැමිණියේ කැනඩා රජයේ අනුග්‍රහය ද යටතේය. රහාෆ් පවසා ඇත්තේ, තමා ආපසු පවුලේ අය වෙත ගියොත් ඔවුන් ඇය මරා දමනු ඇතැයි කියාය. ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ නිලධාරීන් දෙදෙනකු රහාෆ් වෙනුවෙන් යෙදවීමට පෞද්ගලික ආරක්ෂක අංශයක් පියවර ගෙන තිබේ.

(රොයිටර්ස්)


RECOMMEND POSTS