සෞදි ජාතිකයා අසාදු ලේඛනයට !



සෞදි අරාබියේ සිට හිස්බුල්ලා ත්‍රස්ත සංවිධානයට සහාය දැක්වීමේ චෝදනාවට වැරදිකරු වූ ෂියා ජාතිකයෙකු එරට අසාදුගත ලේඛනයට ඇතුළත් කිරීමට සෞදි ආරක්ෂක අංශ තීන්දු කළේය.

මෙලෙස අසාදුගත ලේඛනයට ඇතුළත් කරනු ලැබුවේ හෂීම් සෆිද්දීන් අල් ඩීන් නැමැති පනස් තුන් හැවිරිදි පුද්ගලයෙකි.එරට සේර් ප්‍රෙද්ශයේ පදිංචිකරුවෙකු වන මොහු සිරියා ජනපති බෂීර් අල් අසාද් වෙනුවෙන් පෙනී සිටි අයෙකි.

සෞදිය විසින් හිස්බුල්ලා සටන්කාමීන්ට සහාය දක්වන්නන් එරටින් මර්දනය කිරීම වෙනුවෙන් දිගු කළක සිටි මෙහෙයුම් පවත්වන අතර එම මෙහෙයුම් ක්‍රියාවලිය යටතේ මෙම පුද්ලගලයා අසාදුගත කොට ඇත.

මෙලෙස අසාදු ගත කිරීම නිසා අල් ඩීන් නැමැති ෂියා ජාතිකයා එරට සිටින සෞදි ජාතිකයින් හෝ වෙනත් පුද්ලගලයින් සමඟ ගනුදෙනු කිරීම සපුරා තහනම් වේ.එසේම ඔහු සතු දේපළ හා වත්කම්ද තහනම් කරනු ලැබ තිබේ.

තිළිණි ද සිල්වා
(බී.බී.සී. ඇසුරිනි)


RECOMMEND POSTS