සෞදි ජාතිකයන්ට අනතුරු අඟවයි



චීනයේ ජීවත් වන සහ සංචාරය කරන සෞදි ජාතිකයන්ට සෞදි කොන්සල් කාර්යාලය අනතුරු අඟවා ඇති බව වාර්තා වේ.

චීනයේ ගුවැන්ෂු පළාතේ පැතිරී ගෙන යන කොරෝනා නැමති වෛරසය හේතුවෙන් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කිරීමට සෞදි කොන්සල් කාර්යාලය කටයුතු කර ඇත.

වෛරස ආසාදන වීම වලක්වා ගැනීම සඳහා අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගන්නා ලෙස කොන්සල් කාර්යාලය අවධාරණය කළේය.

හදිසි අවස්ථාවකදී, සෞදි කොන්සල් කාර්යාලයේ දුරකථන අංක +8618998378131හරහා තොරතුරු ලබා ගන්නා ලෙස සෞදි ජාතිකයන්ව දැණුවත් කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක්‍
(ජි.ඩි.එන් ඔන්ලයින්, රියාද් නුවර)

RECOMMEND POSTS