සෞදි චීන සබඳතා තරවෙයි



සෞදි අරාබිය සහ චීනය අතර සබඳතා ශක්තිමත් වීම සම්බන්ධයෙන් ඇමෙරිකාව විමසිල්ලෙන් පසුවන බව විදෙස් මාධ්‍ය පවසයි. සෞදි අරාබිය සහ චීනය අතර සබඳතා ශක්තිමත් වූයේ චීන ජනාධිපති ෂී ජින් සෞදියේ සංචාරයක නියැලීමත් සමඟය.

රියාද් නුවරට ආ චීන ජනාධිපති ෂී ජින්පින්ට උණුසුම් පිළිගැනීමක් හිමිවිය. චීන ජනාධිපතිවරයා මෙසේ සෞදියේ නිල සංචාරයකට පැමිණියේ වසර 6 කට පසුවය.

සෞදියේ සල්මින් බින් අබ්දුල්ලාසි අල් සෞද්  රජතුමා පමණක් නොව, ඔටුන්න හිමි සල්මාන් කුමරුන්ගෙන් ද චීන ජනාධිපතිවරයාට උණුසුම් පිළිගැනීමක් හිමිවිය. චීනය සහ සෞදිය ඇතුළු අරාබි රටවල් සහභාගී වූ විශේෂ සමුළුවක් ද සල්මාන් කුමරුන් විසින් සංවිධානය කරනු ලැබ තිබුණි.

(රොයිටර්)


RECOMMEND POSTS