සෞදි ගුවන්සේවය ගුවන්ගමන් අත්හිටුවයි



සෞදි ගුවන් සේවය චීනය වෙත ගුවන්ගමන් අත්හිටුවීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

මාරක කොරෝනා වෛරසයෙන් ජීවිත හානිසිදුවීම හේතුවෙන් චීනය වෙත සියලුම ගුවන්ගමන් නැවත දැණුම් දෙනතුරු අත්හිටුවීමට සෞදි ගුවන් සේවයතීරණය කරඇත.

රියාද් සහ ජෙඩානගරවල සිට චීනයේ ගුවැන්ෂු නගරයේනගර වෙත පියාසර කරන ගුවන්ගමන් අත්හිටුවීම පෙබරවාරි 02 දින සිට ක්‍රියාත්මක වේ.

ටිකට්පත් වෙන්කරවා ගෙන ඇතිගුවන්මගීන්ට කිසිදු ගාස්තුවක් අයකිරීමකින් තොරව මුදල් ආපසු ලබාදෙන බව සෞදි ගුවන් සමාගම පවසයි.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, රියාද් නුවර)

RECOMMEND POSTS