සෞදි ගුවන්තොටුපොළට යේමන සටන්කාමීන්ගෙන් ප්‍රහාරයක්



 

 

 

 (ප්‍රෙස්ටීවී)
යේමනයේ ෂියා මුස්ලිම් හවුති සටන්කාමීන් සහ ඔවුන්ට පක්ෂපාතී රජයේ හමුදාව එක්වී, ඊයේ (28) සෞදි අරාබියේ අබ්දුල්ලාසි ජාත්‍යන්තර ගුවන්තොටුපොළට බැලැස්ටික් මිසයිල ප්‍රහාරයක් එල්ල කළ බව ඉරානයේ ප්‍රෙස් ටීවී පුවත් සේවය වාර්තා කළේය.
යේමන හමුදා විසින් ගුවන් තොටුපොළට විදුණු ලැබ ඇත්තේ ‘බොර්කාන් 1’ වර්ගයේ බැලැස්ටික් මිසයිලයක් බව ද පැවැසෙයි. බැලැස්ටික් මිසයිල යනු එක් මහද්වීපයක සිට තවත් මහද්වීපයකට විදිය හැකි දිගු දුර මිසයිල වර්ගයකි.
හවුති සටන්කාමීන් කියා සිටියේ මිසයිල ප්‍රහාරයෙන් අබ්දුල්ලාසි ජාත්‍යන්තර ගුවන්තොටුපොළට හාන සිදුවුණු බවය. කෙසේ නමුත් සෞදි හමුදාව සහ රජය කියා සිටියේ මිසයිලය පැමිණෙන බවට එරට මිසයිල ආරක්ෂණ පද්ධතියට කල් තියා අනතුරු ඇඟවීමක් ලැබීමත් සමඟ මිසයිලය උඩු ගුවනේදීම විනාශ කළ බවය.

RECOMMEND POSTS