සෞදි ගුවන්තොටුපොළකට කැරැලිකරුවෝ පහර දෙති



යේමනයේ හවුති ෂියා මුස්ලිම් කැරැලිකරුවන් සෞදි අරාබියේ අබ්හා ගුවන්තොටුපොළට මිසයිල ප්‍රහාර එල්ල වී ඇතැයි වාර්තා වේ. එම මිසයිල ප්‍රහාරවලින් සිවිල් වැසියෝ 26 දෙනෙක් තුවාල ලැබූහ.

මිසයිල ප්‍රහාරයෙන් ගුවන්තොටුපොළට දරුණු ලෙස හානි වූ අතර එය මේ වනවිට වසා දමා ඇති බව අල් ජසීරා පුවත් සේවය වාර්තා කරයි. තුවාල ලැබූවන් අතර සෞදි, යේමන සහ ඉන්දීය ජාතිකයන් සිටින බව ද පැවැසෙයි. තුවාල ලැබූ 26 දෙනාගෙන් අට දෙනකුගේ තත්ත්වය බරපතල බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

රියාද්හිදීය (රොයිටර්ස්)


RECOMMEND POSTS