සෞදි ගුවන් යානයක දරුවෙක් මියයයි



රියාද් නුවර කිංග් කලීඩ් අන්තර්ජාතික ගුවන්තොටුපලේ සිට අල්-කුරායියට් ගුවන්තොටුපල දක්වා පියාසර කරමින් තිබු සෞදි අරාබියන් ගුවන් සමාගමට අයත් ගුවන් යානයක ගමන් කරමින් සිටි වයස අවුරුදු 2ක දරුවකු හදිසියේ ඇතිවු හෘදයාබාධයකින් මියගොස් ඇති බව ඕකස් දිනපතා පුවත්පත වාර්තා කළේය.

මියයෑමට පෙර හුස්ම ගැනීමේ අපහසුතාවයකින් මෙන්ම පපුවේ වේදනාවකින් පෙලෙමින් සිට ඇති බව වාර්තා වේ.

ගුවන්යානයේ කාර්‍ය මණ්ඩලය සහ මගීන් කීපදෙනෙකු එක්ව දරුවා බේරාගැනීමට උත්සහ කලද අල්-කුරායියට් ගුවන්තොටුපල ගුවන් යානය ගොඩබැස්ස වීමට පෙර දරුවා මියගිය බව එම පුවත්පත වාර්තා කළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
ජී.ඩී.එන් ඔන්ලයින් ඇසුරිනි


RECOMMEND POSTS