සෞදි කුමරුන්ට මුක්තිය



සෞදි අග්‍රාමාත්‍ය ධුරයට පත්වීමත් සමඟ ඔටුන්න හිමි මොහමෙද් බින් සල්මාන් කුමරුන්ට මුක්තිය හිමිබවත්, ඔහුට එරෙහිව නඩු පැවැරීමක් කළ නොහැකි බවත්, කුමරුන්ගේ නීතීඥවරුන් ඇමෙරිකන් අධිකරණයට දන්වා ඇත.

ඇමෙරිකන් අධිකරණයේ සෞදි කුමරුන්ට එරෙහිව නඩුවක් පවතී. ඒ, 2018 දී, සෞදි මාධ්‍යවේදී ජමාල් කශොග්ජී ඝාතනයට අනුබල දීම සම්බන්ධයෙනි. කශොග්ජී ඝාතනය සිදුවූයේ කුමරුන්ගේ උපදෙස් අනුව බව ඇමෙරිකන් ආරක්ෂක අංශ අනාවරණය කර තිබේ.

කශොග්ජී යනු සෞදියෙන් පිටුවහල් වී ඇමෙරිකාවේ ජීවත් වෙමින් ඇමෙරිකන් පුවත්පත්වලට තීරු ලිපි සැපැයූ මාධයවේදියෙකි. ඔහු නිරන්තරයෙන් සල්මාන් කුමරුන් විවේචනය කළ තැනැත්තෙකි.

(රොයිටර්)


RECOMMEND POSTS