සෞදි කුමරු ගැන සොව පළ කෙරේ



නසාර් බින් සුල්තාන් බින් අබ්දුල් අසීස් අල්-සවුද් කුමරු සිදුවූ හදිසි රිය අනතුරුකින් ජීවිතක්ෂයට පත්වී ඇති අතර අභාවය වෙනුවෙන් සෞදි රාජකීය අධිකරණය ශෝකය පල කල බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කළේය. 

සෞදි කුමරු සහ ඔහුගේ මිතුරා ගමන් ගත් වාහනය අල්-ටයිෆ් සහ රියාද් නුවර අතර අධිවේගී මාර්ගයෙදි පෙරලී ගොස් ඇති අතර අනතුරින් දෙදෙනාද මියගොස් ඇත. 

අවසන් කටයුතු අඟහරුවාදා දින (අප්‍රේල්25) රියාද් නුවර පිහිටි ඉමාම් ටර්කි බින් අබ්දුල්ලාහ් මහ පල්ලියේ දි සිදු ක‍ළේය. 
 

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)

 

 


RECOMMEND POSTS