සෞදි කුමරු නිදහස්



සෞදියේ ඔටුන්න හිමි සල්මාන් කුමරුන්ගේ උපදෙස් මත, අත්අඩංගුවට ගනු ලැබ සිටි කලීඞ් බින් තලාල් කුමරු නිදහස් කිරීමට බලධාරීන් පියවර ගෙන ඇත.

කලීඞ් බින් තලාල් කුමරුගේ අත්අඩංගුවට ගැනීම සිදුවූයේ, දූෂණ අක්‍රමිකතා සම්බන්ධයෙන් පැවැත්වූ පරීක්ෂණවලට සිය විරෝධය දැක්වීම නිසා යැයි පැවැසෙයි. කුමරුන්ට වසරක සිරදඬුවමක් නියම වී තිබුණු බව ද සෞදි මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

කලීඞ් බින් තලාල් යනු සෞදියේ ඔටුන්න හිමි සල්මාන් කුමරුන්ගේ ඥාති පුත්‍රයෙකි. ඔයුන්න හිමි කුමරුන් ලෙස සල්මාන් රජු සල්මාන් කුමරු නම් කිරීමෙන් පසු, සෞදියේ දූෂණ වංචා සෙවීමට කුමරුන් විශේෂ පරීක්ෂණ කමිටුවක් පත් කළේය.

එම කමිටුව මැදිහත් වී, පසුගිය වසරේ දූෂණ වංචාවලට සම්බන්ධ රජ පවුලේ සාමාජිකයන් රැසක් අත්අඩංගුවට ගත්තේය. කලීඞ් බින් තලාල් කුමරු මෙම අත්අඩංගුවට ගැනීම් සම්බන්ධයෙන් විරෝධය දැක්වීම කළ අයෙකි.

(අල් ජසීරා)


RECOMMEND POSTS