සෞදි කුමරු ජපන් අධිරාජ්‍යයාත් හමුවෙලා



සෞදි ඔටුන්න හිමි කුමරු, නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ ආරක්ෂක ඇමති, මෙහොමඩ් බින් සල්මාන් බින් අබ්දුල්ලාසිස් පසුගිය දා ජපානයේ ඔසාකා නුවර ‘ජී20’ රාජ්‍ය නායක සමුළුවට සහභාගී වීමෙන් අනතුරුව ජපන් අධිරාජ්‍යයා මුණ ගැසු​ණේ යැයි ද වාර්තා වේ.

සෞදි කුමරුව ඉතා උණුසුම් ආකාරයෙන් ජපන් අධිරාජ්‍යයා පිළිගෙන ඇති අතර නව ජපන් අධීරාජ්‍යයා ලෙස පත්වීම සම්බන්ධයෙන් සෞදි කුමරුගේ සහ සෞදි රජුගේ සුබ පැතුම් එක්කර ඇතැයි ද වාර්තා වේ.

සෞදි අරාබිය සහ ජපානය අතර ද්විපාර්ශ්වික සබඳතා වර්ධනය කර ගන්නා ආකාරය සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා පැවැත්විණි.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, ටෝකියෝ නුවර)

RECOMMEND POSTS