සෞදි කුමරු චීනයේ



ඉන්දීය සංචාරය අවසන් කිරීමෙන් පසු, සෞදියේ ඔටුන්න හිමි මොහොමද් බින් සල්මාන් කුමරු චීනයේ බීජීං අගනුවරට පැමිණ සිටී.

චීන ජනාධිපති ෂී ජින්පින්ගෙන් සහ චීන රජයෙන් සල්මාන් කුමරුන්ට උණුසුම් පිළිගැනීමක් හිමිවිය. සල්මාන් කුමරු චීනයට පැමිණියේ සිය ආසියානු සංචාරයේ අවසන් අදියර ආරම්භ කරමින්ය.

සල්මාන් කුමරු පාකිස්තානයේත්, ඉන්පසු ඉන්දියාවේත් සංචාරය කරමින්, ද්වී පාර්ශ්වීක සබඳතා ශක්තිමත් කර ගත්තේය. එපමණක් නොව ඉන්දියාව සහ පාකිස්තානය සමඟ ආයෝජන ඇති කරගැනීමට ද කටයුතු කළේය.

සල්මාන් කුමරුන්ගේ චීන සංචාරය සම්බන්ධයෙන් ඉරානය කනස්සල්ල පළ කර ඇත. ඉරානය චීනයේ සමීපතම මිතුරෙකි. සෞදිය සහ ඉරානය අතර විරසකයක් පවතී. සෞදිය චීනයට සමීප වීම සම්බන්ධයෙන් ඉරානය කනස්සල්ලක් දක්වා ඇත්තේ එහෙයිනි.

සල්මාන් කුමරු චීනයට පැමිණීමට පෙර, ඉරාන විදේශ ඇමැති ජාවද් සරීෆ් සහ චීන විදේශ ඇමැති වොන් යී අතර විශේෂ හමුවක් පැවැත්විණි.

සෞදි කුමරුන්ගේ සංචාරය, චීනය සහ ඉරානය අතර සබඳතාවලට කිසිදු බාධාවක් නොවනු ඇති බවත්, ඉරාන චීන සබඳතා කිසිම අවස්ථාවක පළුඳු නොවන බවත් චීන විදේශ ඇමැතිවරයා ඉරාන විදේශ ඇමැතිවරයාට අවධාරණය කර තිබේ.

සෞදි කුමරු සහ නියෝජිත පිරිස, චීන සංචාරය අතරතුරේ චීන මහා ප්‍රාකාරය නැරැඹීමට ද අමතක නොකළ බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි.

බීජීංහිදීය (රොයිටර්ස්)


RECOMMEND POSTS