සෞදි කුමරු ඊශ්‍රායලයට ගිහිල්ලා



සෞදියේ ඔටුන්න හිමි මොහොමද් බින් සල්මාන් කුමරු, පසුගිය සැප්තැම්බරයේ ඊශ්‍රායලයේ සංචාරය කළ බවත්, සල්මාන් කුමරු සහ ඊශ්‍රායල රජය අතර සමීප මිතුදම් පවතින බවත් ඊශ්‍රායල රජයේ නිලධාරියෙක් තහවුරු කරයි.

පසුගිය සැප්තැම්බරයේ ඊශ්‍රායල මෙන්ම අරාබි පුවත් සේවා ද පුවත් වාර්තා කළේ සෞදි කුමරකු ඊශ්‍රායලයට පැමිණ ඊශ්‍රායල බලධාරීන් හමුවී, කලාපීය සාමය සහ ස්ථාවරත්වය ගැන සාකච්ඡා පැවැත් වූ බවය.

කෙසේ නමුත් එම කුමරා කවුරුදැයි මාධ්‍ය අනාවරණය කර නොතිබුණි. දැන් අනාවරණය වී ඇති ආකාරයට එම කුමරා සෞදියේ මීළඟ රජු බවට පත් වීමට සූදානමින් සිටින මොහොමද් බින් සල්මාන් කුමරුය.

(ප්‍රෙස් ටීවී)

 


RECOMMEND POSTS