සෞදි කුමරු අගමැති සමඟ සාකච්ඡා කරයි



සෞදි ඔටුන්න හිමි කුමරු, මොහොමඩ් බින් සල්මාන් බින් අබ්දුල්ලාසිස් අල්-සවුඩ් ජපන් අග්‍රාමාත්‍යවරයා සමඟ සාකච්ඡා කළ බව වාර්තා වේ.

ජපන් අග්‍රමාත්‍ය, ශින්ෂෝ අබේ සහ කුමරු අතර නිල සාකච්ඡා අල්-උලා හි ශිත කඳවුරු භූමියේ කූඩාරමක් තුල පවත්වා ඇති අතරසැබෑ සෞදි උරුමය සහ සංස්කෘතිය පිළිබඳව ජපන් අග්‍රාමාත්‍යවරයාව දැණුවත් කර ඇත.

2030 සෞදි-ජපන් දැක්ම අනුව, ආර්ථික,වාණිජ,ආයෝජන සහ සංස්කෘතික යන ක්ෂේත්‍රයන්හි ද්විපාර්ශ්වික සබඳතා වර්ධනය කරගන්නා ආකාරය පිළිබඳවනායකයන් දෙදෙනා අවධානය යොමු කර ඇත.

දෙපාර්ශ්වයම කලාපීය හා ජාත්‍යන්තර කරුණු ගණනාවක් සමාලෝචනය කළ බව වාර්තා වේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, රියාද් නුවර)

RECOMMEND POSTS