සෞදි කුමරියගේ නඩුව ඇරැඹේ



අංගාරක්ෂක නිලධාරියකු ලවා සේවිකාවකට අමානුෂික අයුරින් පහර දුන්නේ යැයි චෝදනාවලට ලක්වී සිටින සෞදි කුමරිය හාසා බින්ට් සල්මාන්ගේ නඩු විභාගය ප්‍රංශයේ පැරිස් නුවරදී පැවැත්විණි.

නඩු විභාගය පැවැත්වූයේ කුමරිය නොමැතිවය. කුමරියගේ අණ පරිදි අංගාරක්ෂක නිලධාරියාගෙන් පහර කෑ සේවිකාව අෂ්රාෆ් ඊඞ් නමැත්තියයි.

කුමරියට ප්‍රංශයේ සුඛෝපබෝගී නවාතැනක් ඇත. පහර කෑමට ලක්වූයේ එම නවාතැනේ සේවය කළ සේවිකාවය. මෙම සිදුවීම වාර්තා වූයේ 2016 සැප්තැම්බරයේදීය.

හාසා බින්ට් සල්මාන් කුමරිය සෞදියේ සල්මාන් රජුගේ දියණියයි. ඇය සෞදියේ ඔටුන්න හිමි සල්මාන් කුමරුන්ගේ අඩ සොහොයුරියකි.

(රොයිටර්ස්)


RECOMMEND POSTS