සෞදි කාන්තාවන් හමුදා සේවයට



සෞදි කාන්තාවන්ට හමුදා සේවයට බැඳීමට අවසර ලබාදී ඇති බව වාර්තා වේ.

සුදුසුකම් සපුරා ඇති සෞදි කාන්තාවන්ට පාබල, ගුවන් සහා නාවික හමුදාවලට සම්බන්ධ රැකියාවලට ඉල්ලුම් කළ හැකි බව සෞදි ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කර ඇත.

කාන්තාවන් සිදුකරන අපරාධ මැඩලීමට, කාන්තාවන්ට සහයවීමට සහ ආරක්ෂාව පවත්වා ගැනීම සඳහා රජයේ සහ පෞද්ගලික ආයතනයන්වලට කාන්තාවන්ද ආරක්ෂක නිලධාරීනියන් ලෙස සේවයට බඳවා ගනියි.

රථවාහන, මාර්ග ආරක්ෂාව, ආරක්ෂක මුර සංචාර, හජ් සහ උම්රා ආරක්ෂාව, ආයුධ සහ පුපුරණ ද්‍රව්‍ය, බුද්ධි අංශය සහසදාචාරාත්මක මග පෙන්වීම යන අංශවලට කාන්තාවන්ගේ වැඩි ඉල්ලුමක් පවතින බව සෞදි ආරක්ෂක අමාත්‍යාංශය පැවසීය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, රියාද් නුවර)

RECOMMEND POSTS