සෞදි කාන්තාවන් කුලී රථ රියදුරන් ලෙස



සෞදි කාන්තාවන්ට පවුල් කුලී රථ රියදුරුවරියන් ලෙස සේවය කිරීමේ අවස්ථාව ලබා දෙන බව සඳහන් කරමින් සෞදි ප්‍රවාහය අධිකාරිය නිවේදනයක් නිකුත් කර ඇත.

පවුල් කුලී රථ රියදුරුවරියන් ලෙස සේවය කිරීමට අපේක්ෂා කරන සෞදි කාන්තාවන්ට “ඒ’’ කාණ්ඩයේ රියදුරු බලපත්‍රයක්, බෝ නොවන රෝග වලින් තොර විය යුතු අතර, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවෙක් නොවිය යුතුය.

අපරාධවලට සම්බන්ධ පුද්ගලයෙන් නොවිය යුතුය වන අතර අධිකාරිය විසින් සංවිධානය කරනු ලබන සියළුම පුහුණු සැසිවලට සහභාගි වී විභාග සමත් විය යුතුය.

අධිකාරිය ලබාදෙන නගර සීමාව තුල පවුල් කුලී රථ රියදුරුවරියන් ලෙස සේවය කිරීමට සෞදි කාන්තාවන්ට සිදුවන බවත් කාන්තාවන්ට සහ කුඩා දරුවන්ට ගුණාත්මක ප්‍රවාහන සේවයක් ලබාදීමේ අරමුණින් අදාල තීරණය ගත් බව ප්‍රවාහන අධිකාරිය ප්‍රකාශ කළේය.

 

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS