සෞදි ක්‍රියාකාරිනිය නිදහස්



සෞදි කාන්තා අයිතීන් වෙනුවෙන් හඬ නැගීමේ වරදට, සෞදි රජයේ උදහසට ලක් වී, ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගනු ලැබ සිටි, මානව ක්‍රියාකාරිනී ලොව්ජියැන් අල් හතුලෝව්ට නිදහස ලැබී ඇතැයි ඇගේ පවුලේ සාමාජිකයන් පවසයි.

බන්ධනාගාරගතව සිටියදී කුරිරු ලෙස වධ බන්ධන ලක් කර ඇති බවත්, එය කාටවත් නොකියන්නැයි බන්ධනාගාර බලධාරීන් ඇගෙන් පොරොන්දුවක් ලබාගෙන ඇති බවත් හතුලෝව්ගේ පවුලේ අය පවසයි.

සෞදියේ කාන්තාවන්ගේ අයිතීන් දිනා ගැනීම වෙනුවෙන් හඬ නැගූ එරට ප්‍රධාන පෙළේ ක්‍රියාකාරිනියක ලෙස ලොව්ජියැන් අල් හතුලෝව් සැලකෙයි. ඇය අත්අඩංගුවට ගෙන නඩු විභාගයකින් තොරව රඳවා ගැනීම සම්බන්ධයෙන් ජාත්‍යන්තරයෙන් පවා සෞදි රජයට විරෝධයක් එල්ල වී තිබුණි.

රියාද්හිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS