සෞදි කතුන් සුක්කානම අතට ගනී



රිය පැදැවීම සම්බන්ධයෙන් සෞදි කාන්තාවන්ට පනවා තිබුණු තහංචි මේ වනවිට නිල වශයෙන් අවසන් වී ඇතැයි සෞදි පුවත් සේවා වාර්තා කරයි.

සෞදි කතුන්ට මෙසේ රිය පැදැවීමට අවස්ථාව උදා වූයේ සෞදියේ සල්මාන් රජු සහ ඔටුන්න හිමි සල්මාන් කුමරුන් විසින් හඳුන්වා දී ක්‍රියාත්මක කරන නව ප්‍රතිසංස්කරණ යටතේය.

මෙම ජූනි මාසයේ සෞදි කතුන්ට රිය පැදැවීමට අවසර දෙන බව, සෞදි රජු විසින් නිවේදනය කරනු ලැබුවේ පසුගිය සැප්තැම්බර් මාසයේදීය. සෞදි කතුන් වෙනුවෙන් රියැදුරු බලපත්‍ර නිකුත් කිරීම මෙම ජූනි මස මුලදී සිදුවිය. රිය පැදවීමට අවසර හිමිවීමත් සමඟ මෝටර් රථවල නැගුණු කාන්තවෝ රිය පෙරහරක් ද පැවැත්වූහ.

(රොයිටර්)


RECOMMEND POSTS