සෞදි කතුන් ගැන ඉවන්කා කතා කරයි



කාන්තා අයිතීන් සම්බන්ධයෙන් සෞදි රජය කැපවී ක්‍රියා කරන බවක් තමන්ට දකින්න ලැබුණු බව සෞදියේ සංචාරය කළ ඇමෙරිකන් ජනපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ දියණිය මෙන්ම, ට්‍රම්ප්ගේ උපදේශිකාවක ද වන ඉවන්කා පවසා ඇත.

ඉවන්කා මෙසේ කියා සිටියේ, සෞදි කාන්තා නායිකාවන් සහ කාන්තා අයිතීන් වෙනුවෙන් පෙනී සිටින සංවිධානවල නියෝජිතවරියන් හමුවී කතාබහ කිරීමෙන් පසුවය.

කාන්තාවන්ගේ ඇහිරුණු නිදහස වෙනුවෙන් පෙනී සිටින එම සංවිධානවල නියෝජිතවරියන් ඉවන්කා සමඟ පවසා ඇත්තේ, සෞදි සල්මාන් රජු ප්‍රමුඛ රජය සැමවිටම තමන්ගේ හඬට කන් දී තීන්දු තීරණ ගැනීමට විවෘත මනසින් කටයුතු කරන බවය.

ඉදිරියටත් සෞදි කාන්තාවන් වෙනුවෙන් සෞදි රජය පුළුල් මෙහෙවරක් සිදු කරනු ඇතැයි තම විශ්වාසය යැයි ද ඉවන්කා ට්‍රම්ප් පවසා ඇත.

(රොයිටර්)

 


RECOMMEND POSTS