සෞදි කතුන් ඉහළ තනතුරුවලට



සෞදි අරාබිය නියෝජනය කිරීම සඳහා සෞදි කාන්තාවන් තානාපති තනතුරුවලට පත් කර ඇති බව වාර්තා වේ.

සෞදි රජු, සල්මාන් බින් අබ්දුල්ලාසිස් රාජකීය නියෝග නිකුත් කරමින් අදාල පත් කිරීම් සිදුකර ඇත.

රීමා බින්ට් බන්ඩාර් අල් සෞඩ් කුමරිය එක්සත් ජනපදයේ සෞදි තානාපතිවරිය ලෙස නම් කිරීමෙන් පසු, තානාපති ධුරයකට පත්වූ දෙවන සෞදි කාන්තාව වන අමල් අල් මොලිමි නෝර්වේ තානාපතිනිය ලෙස නම් කර ඇත.

ෂුරා කවුන්සිලයේ සහකාර කථානායකවරිය ලෙස හනන් අල් අහමඩි ද පත් කර ඇති අතර, එම තනතුර පත් පළමු කාන්තාවද වේ.

මීට අමතරව සෞදි කාන්තාවන් 11 දෙනෙක් තානාපතිවරියන් ලෙස නම් කර ඇත.

ග්‍රීසියේ සෞදි තානාපතිවරිය ලෙස සාද් බින් අබ්දුල් රහ්මාන් අල්-අම්මර්, අසාම් අල්-කයින් (ස්පාඤ්ඤය), අබ්දුලාසීස් අල්-සක්ර් (ටියුනීසියාව), අබ්දුල්ඛලික් බින් රෂීඩ් බින් රෆියා (හංගේරියාව), අමල් අල්-මවුලාමි (නෝර්වේ), සියාඩ් අල්-ආටියා (නෙදර්ලන්තය), ෆයිසාල් අල්-ගම්ඩි (නයිජීරියාව), හයිතම් අල්-මලිකි (මෙක්සිකෝව), ඔසාමා අල් අහමඩි (බොස්නියාව සහ හර්සගොවිනා), ජමාල් අල්-මදනි (උගන්ඩාව) සහ මුද්රික් අල්-අජලීන් (මාලදිවයින).

සෞදි කාන්තාවනගේ වැඩි දායකත්වයක් ශ්‍රම බලකායට ලබාගැනීමේ අරමුණින් අදාල පත් කිරීම් සෞදි රජු සිදුකර ඇති බව සෞදි ප්‍රවෘත්ති ඒජන්සිය සඳහන් කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, රියාද් නුවර)

RECOMMEND POSTS