සෞදි උකුසු සහ දඩයම් ප්‍රදර්ශනය



සෞදි අරාබියේ රියාද් නුවර උකුස්සන් යොදාගනිමින් සතුන් දඩයම් කරන ප්‍රදර්ශනයක් පළමු වරට පැවැත් වීමට සෞදි උකුස්සන්ගේ සංවිධානය සැළසුම් කර ඇති බව වාර්තා වේ.

2018 දෙසැම්බර් 04 දින සිට 08දින දක්වා දින පහක කාලයක් ප්‍රදර්ශනය පවත් වන බව සංවිධායක කමිටුව ප්‍රකාශ කළේය. 

ජාතික උරුමයක් වන උකුස්සන් යොදාගනිමින් සතුන් දඩයම් කිරීම රැක ගැනීමටත්, තරුණ පරපුර ඒ සඳහා යොමු කිරීම ප්‍රදර්ශනයේ ප්‍රධාන අරමුණ වී ඇත. 

සෞදි අරාබියෙන් සහ ගල්ෆ් රටවලින් දෙසිය පනහකට (250) වැඩි දඩයක්කාරයන් සංඛ්‍යාවක් තම හැකියවන් ප්‍රදර්ශනය කරන බව සංවිධායක කමිටුව වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS