සෞදි-ඉරාන තෙල් ඇමැතිවරු හමුවෙති



සෞදියේ සහ ඉරානයේ ඛනිජ තෙල් පිළිබඳ ඇමැතිවරුන් දෙදෙනා වියානා නුවරදී එකිනෙකා හමුවී විශේෂ සාකච්ඡාවක් පැවැත්වූ බව වාර්තා වේ.

ඉරාන ඛනිජ තෙල් ඇමැති බිජාන් සැන්ගෙනා සහ සෞදි ඛනිජ තෙල් ඇමැති කලීඞ් අල් ෆලියා මෙසේ හමුවී සාකච්ඡා පැවැත්වූයේ තෙල් විකිණීම් සහ මිලදී ගැනීම් කටයුතු සම්බන්ධයෙනි. ඒ, ඔපෙක් සමුළුවට පෙරය.

ෂියා මුස්ලිම් ඉරානය සහ සුන්නි මුස්ලිම් සෞදිය අතර මත ගැටුම් පවතී. රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් ද එදිරිවාදිකම් පවතී. එහෙයින්, ඇමැතිවරුන් දෙදෙනා අතරේ ද බහින්බස්වීමක් සිදුවුණු බවත්, කිසිදු එකඟතාවකට පත් නොවුණු බවත් විදෙස් පුවත් සේවා වාර්තා කරයි.

(ප්‍රෙස් ටීවී)


RECOMMEND POSTS