සෞදි ඉරාක මිත්‍රත්වය අලුත් වෙයි



වසර 30කට පසු ඉරාකයේ බැග්ඩෑඩ් නුවර සෞදි කොන්සල් කාර්යාලයක් විවෘත කර තිබේ.

ඒ, දුරස්ව තිබූ දෙරටේ මිත්‍රත්වය අලුත් කරමිනි.නව කොන්සල් කාර්යාලය විවෘත කරමින් සෞදිය, ඉරාකයට ඩොලර් බිලියනයක ආධාරයක් ද ලබා දී තිබේ.

මේ හරහා රියාද් සහ බැග්ඩෑඩ් අතර නව යුගයක් උදාවන බව සෞදි වෙළෙඳ අමාත්‍ය මජිඩ් බින් අබ්දුල්ලා ප්‍රකාශ කළේ ය.

සෞදිය, ඉරාකයට යළි සමීප වීමෙන් ඉරානයට ප්‍රබල පහරක් එල්ල වනු ඇතැයි දේශපාලන විචාරකයෝ පවසති.

( තිළිණි ද සිල්වා )

ගල්ෆ් ටයිම්ස් ඇසුරෙනි.


RECOMMEND POSTS