සෞදි අරාබියේ සියලු පුරවැසියන්ට එන්නත නොමිලේ



සෞදි අරාබියේ වෙසෙන සියලුම පුරවැසියන්ට කොරෝනා වයිරස් එන්නත නොමිලේ ලබාදීමට සෞදි අරාබියානු සෞඛ්‍ය අමාත්‍යාංශය සහතික කර ඇති බව සෞදි මාධ්‍ය වාර්තා කරයි.

ගල්ෆ් කලාපයේ සහ ලෝකයේ ප්‍රථම වරට කොරෝනා වයිරස් එන්නත මිලදී ගත් එකම රට බවට වත්වූ සෞදි අරාබිය අධියර දෙකකින් සමන්විත මෙම එන්නත වයස 16 න පහල ළමුන් සදහා සහ අනිකුත් අය සදහා විශාල ප්‍රමාණයක් මිලදී ගත් බව සෞදි අරාබියානු නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍ය ඩොක්ටර් අබ්දුල්ලා අල් අසිරි මහතා මාධ්‍ය වෙත පවසා ඇති බව සදහන්වේ.ආරක්‍ෂිත සහ කාර්යක්ෂම තාවය තහවුරු කරමින් ගෙන්වා ඇති මෙම එන්නත සෞදි අරාබියේ වෙසෙන දෙස් විදෙස් සියලුම පුරවැසියන් වෙත සම්පුර්ණයෙන්ම නොමිලේ ලබා දෙන බවද අමාත්‍ය වරයා පවසයි.

වැඩි දුරටත් කරුණු දක්වන අමාත්‍ය වරයා සදහන් කරනුයේ 2021 වසර අවසන් වන විට මෙම එන්නත මගින් සෞදියේ වෙසෙන ජන අනුපාතය අනුව සියයට 70 ක් පමණ ආවරණය කිරීමට හැකි බව බලාපොරොත්තු වන බවත් පසුගිය සතිය වනවිට අසාධ්‍ය තත්වයේ රෝගීන්ගේ ප්‍රතිශතය සියයට 6.3 දක්වා අඩු කිරීමට හැකිවූ බවද සදහන් කරයි.

මෙම මාසය තුලදී 30,000 සහබාගිත්වයෙන් කරන ලද සායනික අත්හදා බැලීමකින් නුතන moderna සහ Pfizer මගින් 94 % සාර්ථක වී ඇති බව කොරෝනා වාර්තා සදහන් කරන බවද මාධ්‍ය වාර්තා කරයි.

ලලිත් ප්‍රේමලාල්
සෞදි අරාබියේ සිට

RECOMMEND POSTS