සෞදි අරාබියේ මාරක රිය අනතුරකින් දරුවෙක් ඇතුළු තුන්දෙනෙක් මරුට



සෞදි අරාබියේ ජාසන් නගරයේ අධිවේගි මාර්ගයක සිදුවූ මාරක රිය අනතුරකින් කුඩා දරුවකු ඇතුළු තුන්දෙනෙක් මිය ගොස් ඇති බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කලේය. 

අනතුරින් තුන්දෙනෙක් බරපතළ තුවාල ලබා ඇති අතර ඔවුන් ප්‍රතිකාර සදහා රෝහල් ගත කල බව මහජන ආරක්ෂක අංශයේ නිළධාරියකු ප්‍රකාශ කලේය.

අනතුර සිදුවීමෙන් අනතුරුව මෙම පුද්ගලයින් ගමන්ගත් වාහනය ගිනිගෙන විනාශ වී ඇත.  

සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් පැවැත්වේ. 


(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)
ජානක ප්‍රියදර්ශන ජයතිලක
 

 


RECOMMEND POSTS