සෞදි අරාබිය සහ කටාරය ත්‍රස්තවාදයට සහාය දීම නවත්වනවා නම් සිරියාව සාම සාකච්ඡාවලට සූදානම්



 

විපක්ෂ සටන්කාමීන්ට සහාය දීම නවත්වන්නේ නම් පමණක් සෞදි අරාබිය සහ කටාර් රාජ්‍යය සාම සාකච්ඡාවලට සහභාගී වීම අනුමත කරන බව සිරියා නියෝජ්‍ය විදේශ අමාත්‍යවරයා උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය වාර්තා කර තිබිණි. 

“සෞදි අරාබිය සහ කටාරය ත්‍රස්තවාදයට සහාය දීම නවත්වනවා පමණක් අපි ඔවුන් සාම සාකච්ඡාවලට සහභාගී කරවාගැනීම පිළිබඳව සලකා බලනවා” සිරියානු විදේශ අමාත්‍ය ෆයිසල් මෙක්දාද් ලෙබනනයේ අල් මයාදීන් රූපවාහිනියට පවසා තිබිණි. 

සිරියානු අර්බුදය සම්බන්ධයෙන් සාම සාකච්ඡා කසක්ස්තානයේ දී පැවැත්වීමට නියමිතය. රුසියාව, ඉරානය හා තුර්කිය එක්ව සිරියානු අර්බුදය සම්බන්ධයෙන් මෙම සාම සාකච්ඡා සඳහා මුල පිරීය. රුසියාව සහ ඉරානය සිරියානු ජනාධිපති බෂීර් අල් අසාද්ගේ ප්‍රධාන මිතුරන් වන අතර තුර්කිය විපක්ෂ සටන්කාමීන්ට සහාය දක්වයි. සෞදිය අරාබිය හා කටාරය සහාය දක්වන්නේ ද සිරියානු ජනාධිපති බෂීර් ප්‍රමුඛ ආණ්ඩු විරෝධී සටන්කරුවන්ටය. 

රොයිටර් පුවත් සේවය ඇසුරිනි


RECOMMEND POSTS