සෞදි - ඕමාන සකච්ඡා



සෞදි විදේශ කටයුතු අමාත්‍ය, ඇඩෙල් අල්-ජුබයිර් ද්විපාර්ශවීය සාකච්ඡා ආරම්භ කීරීම සඳහා ඕමාන රාජ්‍යයට පැමිණි බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කළේය.

සෞදි විදේශ කටයුතු අමාත්‍යවරයා ඕමානයට පැමිණි අවස්ථාවේදි ඹ්මාන විදේශ කටයුතු අමාත්‍ය,යුසුෆ්බින්අලවිබින්අබ්දුල්ලා සහ ඉහළ පෙළේ නිලධාරීන් පිරිසක් සෞදි විදේශ කටයුතු අමාත්‍යවරයාව ඉතා උණුසුම් ආකාරයෙන් ගුවන් තොටුපලේදි පිළිගත් බව වාර්තා වේ.

ඕමාන සහ සෞදි විදේශ කටයුතු අමාත්‍යවරුන්අතර ද්විපාර්ශවීක සාකච්ඡාව ආරම්භ වු අතර අමාත්‍යවරුන් දෙදෙනා කලාපීය සංවර්ධනයේ දි සහ රටවල් දෙක අතර සම්බන්ධතා ගොඩනගා ගැනීමේදි මුහුණ දීමට සිදුවී ඇති ප්‍රධාන ප්‍රශ්න සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇති බව වාර්තා වේ.

දෙරට අතර පැවති සාකච්ඡා ඉතා ඵලදායි සහ ප්‍රයෝජනවත් වූ බව සෞදි විදේශ කටයුතු අමාත්‍යවරයා සාකච්ඡාවෙන් පසු ප්‍රකාශ කළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS