සෞඛ්‍ය සේවා සැපයීමෙන් පළමු තැන



එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය ලොව පිළිගත් සෞඛ්‍ය සේවා සැපයීම අතින් අඛණ්ඩව සිව්වැනි වරටත් ප්‍රථම ස්ථානය දිනාගැනීමට සමත් වී ඇති බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කළේය.

සෞඛ්‍ය පහසුකම් සඳහා ජාත්‍යයන්තර පිළිගැනීම ලබාදෙන එකාබද්ධ කමිටුව විසින් එමිරේට්ස් රාජ්‍යය තුල ඇති සෞඛ්‍ය සේවාවන් පිළිබදව අධ්‍යනය කිරීමෙන් අනතුරුව අදාල ස්ථානය එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයට ලබාදීමට කටයුතු කර ඇත.

එමිරේට්ස් රාජ්‍යය තුල ජාත්‍යන්තරව පිළිගත් සෞඛ්‍ය සේවාවන් සපයනු ලබන වෛද්‍ය මධ්‍යස්ථාන 178ක් මේ වනවිට පිහිටුවා ඇති බව වාර්තා වේ.

රට තුල පිහිටා ඇති රෝහල් වලින් 76%ක් ජාත්‍යන්තර පිළිගත් රෝහල් බවත් ලෝකයේ හොඳම සෞඛ්‍ය පද්ධතිය තම රටතුල පවතින බව සෞඛ්‍ය සහ ප්‍රජා නිවාරණ අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.  

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS