සෞඛ්‍ය රක්ෂණය අනිවර්යයි



කුවේට් රාජ්‍යයට පැමිණෙන සියළුම විදේශිකයන්ට සෞඛ්‍ය රක්ෂණ ආවරණයක් ලබාගැනීම අනිවාර්ය කර ඇති බව වාර්තා වේ.

කුවේටයේ රැදී සිටින කාලය ආවාරණය වන පරිදි රක්ෂණාවාරණය ලබාගත යුතු වන අතර අදාල නීතියට කුවේට් පාර්ලිමේන්තුවේ අනුමැතියද ලැබී ඇත.

අදාල නීතියට කැමැත්ත ප්‍රකාශ කරමින් බහුතරයක් මන්ත්‍රීවරු ඡන්දය ප්‍රකාශ කර ඇති අතර මන්ත්‍රීවරු 47ක් විරුද්ධවද, හතර දෙනෙක් ඡන්දය දීමෙන් වැලකී සිටි බව වාර්තා වේ.

සෞඛ්‍ය රක්ෂණාවාරණයලබාගෙන නොමැති කුවේටයේ සංචාරය කිරීමටවිදේශිකයන්ටඅවසර නොදෙන ලෙසත් අදාල නීතිය මාස 3ක් ඇතුලතදී ක්‍රියාත්මක කරන ලෙස අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය නියෝග කර ඇත.

විදේශිකයන් 621,000කට වැඩි සංඛ්‍යාවක් සංචාරය කිරීම සඳහා 2018 වර්ෂයේ කුවේටයට පැමිණ ඇති බවත්, වෛද්‍ය ප්‍රතිකාර ලබාගෙන කිසිදු මුදලක් නොගෙවා කුවේටයෙන් පිටව ගොස් ඇති බව කුවේට් පාර්ලිමේන්තු මන්ත්‍රීනී, සෆා අල් හසීම්පාර්ලිමේන්තුවේදි ප්‍රකාශ කළා ය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්, කුවේට් නගරය)


RECOMMEND POSTS