සෝමාලියාවට වෛද්‍යාධාර තොගයක්
එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය වෛද්‍යාධාර තොගයක් සෝමාලියාවට යවා ඇති බව වාර්තා වේ. අදාල වෛද්‍යාධාර තොගය ගුවනින් යැවීමට එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය කටයුතු කර ඇත.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහ එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයේ උපදෙස් මත ටොන් 35ක වෛද්‍යාධාර තොගය සෝමාලියාවට ලබාදෙන ලෙස එමිරේට්ස් උප ජනාධිපති, අග්‍රාමාත්‍ය සහ ඩුබායි පාලක ,ෂෙයික් මොහොමඩ් බින් රෂීඩ් අල්-මක්ටූම් නියෝග කර ඇත.
වෛද්‍යාධාර තොගයට ශ්වසන සහ අත්‍යාවශ්‍ය උපකරණ අයත් වේ.
ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, ඩුබායි නුවර)