සෝදිසි කළත් තවමත් කිසිවකු හමුවුණේ නෑ



 

බිමට සමතලා වූ බේරූට් ගොඩනැගිල්ලක සුන්බුන් තට්ටු යට පණ පිටින් දරුවකු සිටිනවා යැයි ස්කෑන් යන්ත්‍රවලින් හඳුනා ගැනීමෙන් පසු, පසුගිය දින තුනක කාලය පුරාවට, සුන්බුන් ඉවත් කරමින් සෝදිසි කළත් තවමත් පණ ඇති කිසිවකු හමුවී නැති බව දිවි ගලවා ගැනීමේ කණ්ඩායම් පවසයි.

බේරූට් නුවර වරයේ අනාරක්ෂිත අයුරින් ගබඩා කර තැබුණු ‘ඇමෝනියම් නයිටේ්‍රට්’ තොගයක් පසුගිය අගෝස්තු 4 වැනිදා පුපුරා ගියේය. එම පිපිරුමට හසුවීමෙන් බේරූට් වරායත්, අගනුවරත් විනාශ විය. කිලෝ මීටර් ගණනාවක් දුරට ගොඩනැගිලි සහ නිවාස බිමට සමතලා විය.

තුවාලකරුවන් සෙවීමටත් ඔවුන්ට පිහිට වීමටත් ජාත්‍යන්තර දිවි ගලවා ගැනීමේ කණ්ඩායම් බොහොමයක් ලෙබනන් නුවරට පිපිරුම සිදුවී පැය 24 ක් යද්දීය.

පිපිරුම සිදුවී මාසයක් ගත වෙද්දී, පසුගිය 4 වැනිදා, චිලී දිවි ගලවා ගැනීමේ කණ්ඩායම භාවිත කරන ස්කෑන් යන්ත්‍රවලට බිමට සමතලා වූ ගොඩනැගිල්ලේ පහළ මහලේ සිරවුණු තවමත් පණ පිටින් සිටින දරුවකුගේ ඡායාවක් දැක ගන්න ලැබුණි.

ඒ ගැන මවිතය පළ වුණු අතර, පසුගිය දින 3 පුරාවට එම ගොඩනැගිල්ලේ සුන්බුන් ඉවත් කිරීම සිදුවිය. ඒ සඳහා 50 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් සම්බන්ධ වී සිටිති.

බේරූට්හිදීය (රොයිටර්)


RECOMMEND POSTS